උවැසි උවැසියන් නිවෙස්වල පෙහෙවස් සමාදන් වෙද්දී වෙහෙර විහාර පාළුවට යයි


 

(ඩයනා උදයංගනී)

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද දින  බෞද්ධ ජනතාවට  ආගමික වතාවත් නිවෙස්වල සිට  ඇත්තේ නිවෙස්වල සිර සැමරූහ.

කොරෝනා වයිරසය රටපුරා ව්‍යාප්තවීමත් සමග සංචරණ සීමා පැනවීම නිසා බොහෝපිරිසක් නිවෙස්වල පෙහෙවස් සමාදන් වූහ.

සාමාන්‍යයෙන් පොසොන් පොහෝ දිනයේදී උවසු උවැසියන්ගෙන් හා බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන මිහින්තලාව, අනුරාධපුර අටමස්ථාන, කැළණිය රජමහා විහාරය, මහනුවර ශ්‍රී දළඳා මාළිගය ඇතුළු බෞද්ධ ආගමික සිද්ධස්ථාන සියල්ල අද දිනයේදී පාලුවට ගොස් තිබිණි.

උවසු උවැසියන් නොමැති වුවත් සිද්ධස්ථාන හා විහාරස්ථානයන්හි පොහෝ දින ආගමික වතාවත් ඒ ආකාරයෙන්ම සිදුකරන්නට විහාරාධිපති භික්‍ෂූන් වහන්සේලා පියවර ගත්හ.

වෙනදා මෙන් මෙවර පොසොන් කලාප, පහන්කූඩු ඉදිකිරීම මෙන්ම දන්සැල් පැවැත්වීම ද මෙවර සිදුනොවිණි.

(ඡායාරූප: බී.ජී. චතුරංග)

මිහින්තලාව පූජා භූමිය

අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය

(ඡායාරූප: ගයාන් අමරසේකර)

කැළණිය රජමහා විහාරය

(ඡායාරූප: එච් එම් ධර්මපාල)

බෙල්ලන්විල ඓතිහාසික රාජ මහා විහාරස්ථානය

(ඡායාරූප: සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

කළුතර පූජා භූමිය